ඔබේ මුහුනට ගැලපෙන Face Oils තෝරාගන්න ආකාරය- දෙවනි කොටස
වෙලදපොලෙන් ආහාරයට හෝ රූපලාවන්‍ය සදහා තෙල් වර්ග මිලදි ගැනීමේදි හෝ රූපලාවන්‍ය ඇසුරුමක අමුද්ර්වය ලෙස ඔබට වැඩි වශයෙන් ඇස ගැටෙන යෙදුම් කීපයක තේරුම් සහා ඒවා වැදගත් වන ආකාරය,
Unrefined Oils
මෙහිදි බීජ සහ ඇට වර්ග වලට යාන්ත්‍රිකව තාපය සහ පීඩනය යොදා තෙල් නිස්සාරනය කරන්වා. නමුත් මෙහිදී විරංජනය හෝ ඩියෝඩරීකරණය යොදා ගන්නේ නෑ. Cold-pressed යනුවෙන් හදුන්වන්නෙ මේ කාන්ඩයේ අවම තාප තත්වයන්හී දී නිස්සාරනය කරන තෙල් වලට. expeller-pressed යනුවෙන් හදුන්වන්නෙ ඉහල පීඩන තත්වයන්හී දී නිස්සාරනය කරන තෙල් වර්ග වලට.
Unrefined තෙල් ස්වභාවික රසය හා සුවඳ සමඟ ඉහල පෝෂ්‍ය පදාර්ථ ප්‍රමානයක් (විටමින්, ඛනිජ ප්‍රෝටීන, ශාක ස්ටෙරෝල්, කැරොටින් සහ ප්‍රතිඔක්සිකාරක) අඩංගු වෙනවා, නමුත් මේ තෙල් වර්ගවල ආයු කාලය පිරිපහදු කල තෙල් වර්ගවලට වඩා කෙටි වෙනවා. සාමාන්‍යයෙන් මෙම කාන්ඩයේ තෙල් මිල අධිකයි.
Unrefined නිස්සාරණය කිරීමේදී එහි අඩන්ගු වන ඔලෙයික් අම්ල ප්‍රතිශතය මත පදනම්ව Unrefined තෙල් වර්ග 3ට බෙදෙනවා.
උදා:
- Extra virgin oil - හොඳම තත්ත්වයේ තෙල්වල අඩංගු වන්නේ ඔලෙයික් අම්ලය 1% පමණි.
- Virgin oil - ඔලෙයික් අම්ලය 3% කට තරමක් වැඩි ප්‍රමාණයක් අඩංගු වේ.
- Pure oil - තාපය හා රසායනික ප්‍රතිකාර අතරතුර නිකුත් කරන තෙල් මිශ්‍රණයකි. ඔලෙයික් අම්ල ප්‍රතිශතය 3-4% අතර වේ.
උදා: Sunflower oil, Canola oil, Coconut oil, Avocado oil Shea butter, Cocoa butter
Refined Oils
බ්ලීච් කිරීම හෝ ඩියෝඩරීකරණය මගින් පිරිපහදු කරන ලද මේ තෙල් වර්ග තෙල් රස හා ගන්ධ රහිත වෙනවා. මෙම වර්ගය මේ නිසාම රූපලාවන්‍ය සදහා යොදා ගැනුනද ඉහත සදහන් අනික් වර්ග වල තරම් පෝශක ඛාන්ඩ අඩංගු වන්නේ නෑ.
මේවා මිල අඩු වන අතර වඩාත් තාප ස්ථායි නිසා ඉහල උශ්නත්වයන් අවශ්‍ය පිසීම් කටයුතු සදහා යොදා ගැනේ. වෙලදපලේ සම්පූර්න ලෙස සහ අඩක් පිරිපහදු ලෙස මෙම තෙල් වර්ග ඇත.
රූපලාවන්‍ය සදහා වඩාත් යෝග්‍ය වන්නේ Unrefined තෙල් වර්ග නමුත්,
- මුහුණ ආශ්රිත රූපලාවන්‍ය සදහා Unrefined කාන්ඩයේ තෙල් වර්ග වඩා යෝග්‍ය වනවා. Body care products සදහා Refined කාන්ඩයේ තෙල් වර්ග යොදා ගත හැකියි.
- Unrefined තෙල් වර්ග වල ඒවායේ ස්වභාවික සුවද අන්තර්ගත වනවා. එය ඔබට අපහසු නම් ඔබට refined තෙල් වර්ග භාවිතා කල හැකියි. උදා: අලිගැට පේර තෙල්
Unrefined | Refined |
Avocado Oil | |
![]() |
![]() |
Shea Butter | |
![]() |
![]() |
Tamanu Oil | |
![]() |
![]() |