Aloe Love - සිංහල

Aloe Love
Aloelove ස්වාභාවික කෝමාරිකා වලින් සාදා ඇත. කිසිදු බ්ලීචින් හෝ රසායන ද්‍රව්‍යයක් අඩංගු නොවේ.
අමුද්‍රව්‍යය
කෝමාරිකා, විටමින් E, විටමින් C, Teatree oil යොදා නිවපදවන අතර අවශ්ය නම් පමනක් කාබනික පොල් තෙල් හෝ Sweet ආමන්ඩ් තෙල් යොදා ගැනේ.
Aloelove වර්ග 5 න් ලබා ගත හැක, Saffron, Green tea, Wild turmeric, Hibiscus, Classic.

https://cocolie.lk/collections/skin-care

 

  • ඕනෑම සමකට ගැලපෙයි.
  • සම පැහැපත් කර තෙතමනය රදවා වියලි බව නැති කරයි.
  • සමේ රැලි වැටීම් නැති කර අමතර පෝෂණය ලබා දෙයි.
  • කුරුළෑ, කුරුළෑ සහ තුවාල කැලැල් අවම කරයි.
  • හිරු කිරණින් හානියට පත් සම සුවපත් කරයි.
  • Hair mask/ Conditioner එකක් ලෙස පාවිච්චි කිරිමට ද සුදුසුයි.
  • රෝම ඉවත් කිරීමෙන් පසු aftershave ලෙසභාවිතා කල හැකිය.

මට සුදුසු කුමන වර්ගයද?

තෙල් සහිත සහ කුරුලෑ ඇති සම සදහා
Saffron /Green Tea /Wild Turmeric

සාමාන්‍ය සම සදහා
Saffron /Green Tea /Wild Turmeric /Hibiscus

වියළි සම සදහා
Saffron /Hibiscus /Green Tea

පැහැපත් වීමට
Saffron/ Wild Turmeric

භාවිතයේදී,

රාත්‍රී සත්කාරයක් ලෙස වඩාත් සුදුසුයි. ඇතැම්විට ආලේප කිරීමෙන් පසු සුදු පාට කැබලි හෝ තුනී ස්ථරයක් ලෙස සම මත දැකිය හැක. එවිට මදක් තෙත්කළ රෙදි කැබැල්ලකින් පිහිදා හරින්න. එය වියලුනු සම නොවේ.

භාවිත කල හැකි ආකාර,

ඔබට Aloe Love දිවා රාත්‍රී දෙකේදීම භාවිතා කළ හැකිය. නමුත් රාත්‍රී ක්‍රීම් ලෙස වඩා සුදුසුයි.

මුහුණට සහ ඇගට: කුරුලෑ, ලප කැලැල්, ස්ට්‍රෙච් මාක්ස්, සැත්කම් නිසා ඇති වූ කැලැල්, හිරු රශ්මිය නිසා ඇතිවන අඳුරු ලප අඩු කර ගැනීමට උපකාර්‍ර් වේ.

 Makeup පාවිච්චියට පෙර Primer ලෙසද භාවිතා කිරීමෙන් ඇතිවන කුරුලෑ තත්ත්වයන් පාලනය කරගත හැක. එමෙන්ම Makeup ඉවත් කිරීම්ටද යොදාගත හැක. ( ඇස් වල තැවරීමෙන් වලකින්න.)

Aftershave ලෙස රැවුල බෑමෙන් හෝ ර්‍රොම ඉවත් කිරීමෙන් පසු බාවිතා කිර්‍ර්මෙන් කැසීම් තත්ව වලක්වා ගත හැකිය.

 

හිසකෙස් සහ හිස් කබලේ ආලේපනයට සුදුසුයි. ඉස්හොරි පාලනය කරයි හිසකෙස් හැලීම පාලනය කර නීරෝගී කිරීම සදහා උපකාර්‍ර් වේ.

Conditioner ලෙස හිසකෙස් සහ හිස්කබලෙ අලේප කර විනාඩි 10ක් පමන තබා සෝදා හරින්න.

Hair Mask ලෙස නෑමට පෙර පොල්තෙල් හෝ ඔලිව් තෙල් සමග මිශ්‍ර කර සම්භාහනය කර විනාඩි 20ක් පමන තබා Shampoo කර සෝදා හරින්න.

 

ශීතකරණයක් තුළ අනිවාර්යෙන් තැබිය යුතුයි. කාමර උෂ්ණත්වයේ තැබිය නොහැක. ආලේපනය ගැනීම සදහා වියලි හැන්දක් භාවිත කරන්න.

** නිශ්පාදිත දිනයේ සිට මාස දෙකකට පෙර භාවිතා කරන්න.

 

 

අසාත්මිකතා 

  • ඔබට ගැලපෙන සේ සකස් කර ගැනීම සදහා මෙහි සදහන් කුමන හෝ ද්‍රවයකට ආසාත්මික නම් අපිට දන්වන්න.
  • භාවිතා කිරීමට පටන් ගැනීමට පෙර කරුණාකර Patch Test කරන්න.
  • අසාත්මිකතාවයක් පෙන්නුවහොත් භාවිතය නවත්වන්න.අසාත්මිකතාවයක්ටදි ආලේපිත ප්‍රදේශයේ රතුවීම, කැසීම, බිබිලි ඇතිවීම දැකිය හැක.
  • භාහිර බාවිතයට පමනයි. ඇස් තුවාල සහා අසාත්මිකතා  සදහා ආලේපය, ආහාරයට ගැනීමට නුසුදුසුයි.

 

 

 

Back to blog

Leave a comment

Please note, comments need to be approved before they are published.