ඔබේ මුහුනට ගැලපෙන Face Oils තෝරාගන්න ආකාරය

ස්වාභාවික ශාකසාර තෙල් සියවස් ගණනාවක් පුරා රූපලාවණ්ය කටයුතු සඳහා භාවිතා වෙනවා. ශාකසාර තෙල් මගින් සම මතුපිට ආරක්ෂක ස්ථරයක් ඇති කර ඔබේ සමේ තෙතමනය රදවා වියලීමෙන් ආරක්ශා කරනවා.
අපි මෙහිදී විශේෂ අවදානයක් යොමු කරන්නේ ඔබේ මුහුනට ගැලපෙන ශාකසාර තෙල් වර්ග තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුනු ගැන. අපේ සමේ ස්වභාවය අනුව අපිට ගැලපෙන තෙල් වර්ගය තෝරා ගත යුතු වෙනවා. විශේෂයෙන්ම facial serum එකක් තෝරා ගැනීමේදී මෙය ඔබට ගොඩක් වැදගත් වේවි.
 
ශාකසාර තෙල් වර්ග අපේ සමට වඩාත් හිතකර වන්නෙ ඇයි?
 
ඒවායේ ලිපිඩ සංයුතිය මිනිස් සමේ ලිපිඩ සංයුතිය සමාන වනවා. එමනිසා, ශාකසාර තෙල් වර්ග අපගේ සමේ ලිපිඩ ස්ථරයට පහසුවෙන් අවශෝෂණය කර සම පෝෂණය කරනවා.
 
ශාකසාර තෙල් සහ බටර් වල නිරෝගිමත් සමක් සඳහා අවශ්ය වන හිතකර මේද අම්ල අඩංගු වෙනවා. උදා: ලිනොලෙයික් අම්ලය සහ ඔලෙයික් අම්ලය, මිරිස්ටික් අම්ලය, ස්ටීරික් අම්ලය, ගැමා-ලිනොලනික් අම්ලය, පැල්මිටික් අම්ල වැනි අම්ල වර්ග ඉහත සදහන් අමිල දෙකට අමතරව තෙල්වල අඩංගු මේද අම්ල වර්ග වනවා.
 
මේ මේද අම්ල අතරින් වඩාත්ම වැදගත් වන අම්ල දෙකක් වෙනවා: ලිනොලෙයික් (Linolenic acid) අම්ලය සහ ඔලෙයික් (Oleic acid) අම්ලය. මෙම අම්ල දෙක අනුව අපට මෙම තෙල් වර්ග වර්ර්ගීකරනය කල හැකිවෙනවා. විශේෂයෙන්ම ඔබට තෙල් සහිත, කුරුලෑ සහිත සමක් නම් තිබෙන්නේ මෙය ඔබට බොහෝ උපකාරී වේවි.
 
ලිනොලෙයික් (Linolenic acid) අම්ලය
 
මේ සම්බන්දව කරන ලද අද්යනයන්ට අනුව කුරුලෑ ඇති සම සඳහා ලිනොලෙයික් අම්ල වඩාත් සුදුසු වෙනවා. ඒ කුරුලෑ, තෙල් සහිත සම සහිත පුද්ගලයන්ගේ සම මතුපිට ලිනොලනික් අම්ලය ඉතා අඩු සාන්ද්රනයකින් යුතු වෙන නිසා. ශරීරයට තනිවම ලිනොලනික් අම්ලය නිපදවිය නොහැකි අතර බාහිරින් ලිනොලනික් අම්ලය (ඔමේගා -3 සහ ඔමේගා -6) ශරීරයට ලබා ගත යුතු නිසා මෙම අම්ල සහිත ශාකසාර තෙල් වර්ග මේ සදහා බොහෝ උපකාරී වෙනවා. ලිනොලනික් අම්ල අධික තෙල් Non - comedogenic තෙල් වර්ග ලෙස හැදින්වෙනවා, ඒ එම තෙල් වර්ග ඔබේ සමේ blackheads, whiteheads හෝ කුරුලෑ තත්ව ඇති නොකරන නිසා.
 
ලිනොලනික් අම්ලය ඉහල සංයුතියකින් ඇති තෙල් වර්ග,
Evening primrose, Hemp oil, Grapeseed oil, Rosehip, Safflower, Sunflower, Sweet almond oil, Argan oil
 
ඔලෙයික් (Oleic acid) අම්ලය
 
නමුත් ඔලෙයික් අම්ලය සිරුර විසින්ම නිපදවා ගන්නවා.
ඔලෙයික් අම්ලය අධික තෙල් comedogenic තෙල් වර්ග නමින් හදුන්වනවා. වියලි මෙන්ම කැසීම් ආදී තත්වයන් සමනය කිරීම මෙන්ම තෙතමනය රදවා සමට අමතර පෝෂනයක් ලබා දීම සඳහා මේ තෙල් වර්ග වඩා යෝග්යයි. බොහොමයක් ඔලෙයික් අම්ල අධික තෙල් වර්ග, තෙල් සහිත සමක මුහුනේ ආලේපයට සුදුසු වන්නේ නෑ. එම නිසා ඔලෙයික් අම්ල අධික තෙල් වර්ග වියළි හා පරිණත සමක් සඳහා වඩාත් සුදුසු වෙනවා.
 
ඉහළ ඔලෙයික් අම්ල සාන්ද්රනයක් සහිත තෙල් සහ බටර්: Apricot oil, Avocado oil, Carrot seed oil, Olive oil, Palm oil, Jojoba oil, Coconut oil, Sea buckthorn oil, Cocoa butter, Mango butter, and Shea butter.
 
එහෙත් Neem oil, Tamanu oil වැනි තෙල් වර්ග කුරුලෑ සහ තෙල් සහිත සමට ප්රතිකාර ලෙස භාවිතා කරන්නේ ඒවායේ අඩංගු ප්රති-ක්ෂුද්ර ජීවී ගුණ (Antimicrobial Properties) නිසාවෙනී.
 
Dry oils යනු මොනවාද?
 
සරලවම, සමට ඉතා ඉක්මනින් අවශෝෂනය වන තෙල් වර්ග Dry oils ලෙස හදුන්වනවා. මෙම තෙල් ඉතා සැහැල්ලු තෙල් වන අතර සමේ ආලේප කිරීමෙන් පසු ඔබේ සම මතුපිට තෙල් ගතියක් ඇති කරන්නෙ නෑ. උදා: Rosehip oil, Grapeseed oil.
 
සමහර තෙල් වර්ග Dry oils තරම්ම වේගවත් නොවුනත් තරමක් සෙමින් සමට අවශෝෂනය වන තෙල් වර්ග ලෙස Grapeseed oil, Argan oil හදුන්වන්න පුලුවන්.
 
ඉහත සදහන් කාන්ඩ දෙකම තෙල් කුරුලැ සහිත සම සදහා වඩා යෝග්ය වනවා.
Jojoba oil - සමහි sebum වලට සමාන සන්යුතියක් තිබීම නිසා සම තුලට පහසුවෙන අවශෝෂනය වෙනවා. මෙම නිසා Jojoba oil ස්වල්ප වශයෙන් තවත් තෙල් වර්ගයක් සමග මිශ්‍ර කර තෙල් කුරුලැ සමකට භාවිතා කරන්න පුලුවන්.
 
වියලි සම සදහා වඩා වැඩි තෙතමයක් සම මත රදවා ගැනීමට බොහෝ සෙමින් සමට අවශෝෂනය වන Coconut oil, Jojoba oil, Avocado oil වඩාත් සුදුසු වනවා.
 
 
අපෙන් බොහෝ දෙනෙක් අහන ප්රශ්නයක් තමයි Lip balm, Body butter, Shea butter, Cocoa butter මූනට ගාන්න පුලුවන්ද කියලා. ඔබට තියෙන්නේ වියලි සමක් නම් එසේත් නැත්නම් ඔබ ඉන්නෙ අදික ශීතල දේශගුනයක් සහිත ප්රදේශයක නම් ඇරෙන්න අපි කියන්නෙ භාවිත කරන්න එපා කියලා. ඒ ඇයි කියලා මේ වන විට බොහෝ විට පැහැදිලි ඇති.
 
Shea butter, Cocoa butter මුහුණට සුදුසු නොවන්නේ ඇයි?
 
ස්වාභාවික බටර් වර්ග සමේ පෝෂණය සහ තෙතමනය ආරක්ශා කිරීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පැවතුනද, ඒවා ඉහත සදහන් කල ඔලෙයික් අම්ල අධික (comedogenic) නිසා blackheads, whiteheads හෝ කුරුලෑ තත්ව ඇති වීමට වැඩි ප්රවනතාවයක් තිබෙනවා. එබැවින් ඒවා වැඩිපුරම භාවිතා කරනුයේ body products සදහායි: Body butters, lotions & scrubs.
 
Back to blog

1 comment

What are the oils good for the the body to apply @ night. Also body butter is good to apply @ night?

Melissa

Leave a comment

Please note, comments need to be approved before they are published.